එන්නතක් විෂ වී කාන්තාවක් මරුට.

උදරයේ ආබාධයක් සදහා ප්‍රතිකාර ගැනීමට රාගම රෝහලට ඇතුළත් කළ විසි තුන් හැව්රිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් බව කියන එන්නතකින් පසු ඇති වූ අසාත්මිකතාවයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ පලිහවඩන ආරච්චිගේ හංසිකා සජානි පෙරේරා නැමැති ජා – ඇල උතුරු බටගම පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක සේවය කරන ගණකාධිකාරිවරයෙකුගේ බිරිඳකි.

මෙම කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් වීම නිසා එයට ප්‍රතිකාර වශයෙන් ලබා දුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බී.පොලොන්වල මහතා නිගමනය කර තිබේ.

Exit mobile version