ගම්පොළ අටබාගේ හන්දියේදී ඊයේ (25) යතුරුපැදියක ගැටී පාරේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
ගම්පොළ අටබාගේ හන්දියේ දුනුකේඋල්ල අතුරු මාර්ගයේදී දුනුකේඋල්ල දෙස සිට ධාවනය වූ යතුරුපැදියක් එම මාර්ගයේ ගමන් ගත් 74 හැවිරිදි කාන්තාවකගේ සිරුරේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුර සිදු කළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීම සදහා ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.