හිගුරක්ගොඩ මින්නේරිය ප්රදේශයේ නිවසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි එක් දරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවා ද අනතුරෙන් තුවාල ලබා ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.