මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානය ප්රදේශයේ දී පුද්ගලයකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම වෙඩි තැබීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 36 ක් වන මිරිස්හේන ධීවර ගම්මානයේ පදිංචි කාන්තාවක් බව සදහන්වේ.
මෙම කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටා තිබෙන තම මවගේ නිවසට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී සැඟවී සිටි අයෙකු විසින් මෙම කාන්තාවට වෙඩි ප්රහාරය කිහිපයක් එල්ලකර පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුළත් කොට ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර
මෙම වෙඩි තැබීම ඇයගේ අනියම් සැමියා විසින්, ඔහු සමඟ ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරන අතර සැක කරු අත්අඩංගුවට ගැනීමට මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.