නිවස තුළදී කාන්තාවක් ඝාතනය කරලා.

කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, කිරිඳිවැල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 35ක් වන කාන්තාවකි.

මියගිය කාන්තාව සිය දරුවා, ඇයගේ ස්වාමිපුරුෂයාගේ මව සහ පියා සමග එම නිවෙස් පදිංචිව සිට ඇත.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදෙස්ගත වූ අයෙක් බව ද වාර්තා වේ.

මියගිය කාන්තාව නිවස තුළ තනිව සිටින අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පවසයි.

ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version