මිලියන 69 ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට .

සේවිකාවක ලෙස පෙනී සිටිමින් ආයතනයක රුපියල් මිලියන 69 ක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 11 , මුහුදු මාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි .

මෙම කාන්තාව විසින් ආයතනයට ලැබිය යුතු මුදල් වෙනත් ගිණුම් වලට බැරකර මෙම මූල්‍ය වංචා සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version