මුදල් පරිහරණය පිළිබදව ප්‍රාථමික අංශයේ දරුවන්ට ප්‍රායෝගික දැනුම ලබාදීමේ අරමුණ මත හැටන් ශ්‍රී පාද ප්‍රාථමික විදුහලේ 3 ශ්‍රේණියේ දරුවන් විසින් පවත්වන ලද සිගිති පොළක් එම විදුහලේදී පැවැත්විණි.
එම ශ්‍රේණිවල ව්‍යාපෘතියක් ලෙස ද මුදල් පරිහරණය පිළිබදව පවත්වන ලද මෙම සිගිති පොළෙන් භාණ්ඩ ලබා ගැනීම සදහා එම විදුහලේ ගුරු මණ්ඩලය මෙන්ම එම දරුවන්ගේ දමාපියන්ද පැමිණ සිටින ලදී.