කොටදෙණියාව – වරාදල ප්රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.
ඊයේ (17) දහවල් කලායේ දී එම සිදුවීම වාර්තා වූ බවට පොලීසිය පවසයි.
එසේ මිය ගොස් ඇත්තේ, තලම්මැහැර – පන්නල ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
මරණකරු ඥාති නිවසක ළිඳක් ඉසීමට පැමිණ එම වැඩ අවසන් කර මා ඔයේ දිය නෑමට ගොස් සිටිය දී එම අනතුරට ලක් ව ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.