අකුරේගොඩ වැවේ ගිලී තරුණයෙකු මරුට .

බත්තරමුල්ල  අකුරේගොඩ වැවේ පාසල් මිතුරන් අට  දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට තලංගම පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.


මෙසේ මියගොස් ඇත්තේ තලංගම බණ්ඩාරවත්ත  අංක 20 / 27 / C හි , පදිංචි . බාලසූරියගේ දොන් පැතුම් උදයන්ත නමැති (20) පරිගණක තාක්ෂණ ශිල්පියෙකි.

මෙම තරුණයා තවත් පාසල් මිතුරන් අට දෙනකු සමග  බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට දිය නෑමට ගොස් සිටියදී එක්වරම දියේ ගිලී අනතුරට පත්ව  ඇති අතර ඒ බව තවත් මිතුරෙකු දැක ක්ෂණයකින් ක්‍රියාත්මක වී සෙසු මිතුරන්ද සමග ඔසවාගෙන ගොඩට ගෙනැවිත් තිබේ.

Exit mobile version