මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදහන් .

එගොඩඋයන, මෝදර මුහුදේ අද (01) මිතුරන් සමඟ දියනාමින් සිටි තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදන් ව ඇති බවට එගොඩඋයන පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන් ව ඇත්තේ එගොඩඋයන, ධීවර නිවහන් පෙදෙස පදිංචි සුපුන් චතුරංග නමැති 19 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.

අතුරුදන් ව ඇති තරුණයා රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගොස් පැමිණ තවත් තරුණයන් දෙදෙනෙකු සමඟ දියනාමින් සිට ඇති බවත් එක්වරම රළ පහරට හසු ව ගසාගෙන ගොස් ඇති බවත් සඳහන්ය.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය මෙහෙයුම් දියත් කර ඇතත් පස්වරුව වනවිටත් ඔහු හමු වී නොමැති බව වාර්තා වේ.

එගොඩඋයන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version