කාන්තා නේවාසිකාගාරයක් අසල තරුණයකු අඩ නිරුවතින්.

මොරටු ඉංජිනේරු පීඨයට අයත් හෝමාගම දියගම පිහිටි කාන්තා නේවාසිකාගාරයක් අසල අඩ නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පුද්ගලයකු කහතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මීට පෙර අවස්තාවකදීද මෙලෙස හැසිරී ඇති අතර පොලිසිය එම ස්ථානයට යනවිට ඔහු පැනගොස් තිබේ.

එම ඉංජිනේරු පීඨයේම පිරිමි ළමයි එම ප්‍රදේශයේ සැගවී සිට  මෙවර ඔහු අල්ලාගෙන පහරදී පොලිස් හදිස්සි ඇමතුමට ඇමතුමක් දී සැකකරු පොලිසියට භාරදී තිබේ.

අත්අඩංගුවට ගන්නාවිට මෙම පුද්ගලයා ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන නරබමින් සිට ඇති බවයි සදහන්වන්නේ. 

සිද්ධිය සම්බන්දයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Exit mobile version