පැරණි ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් ඊයේ (26) පිරිසක් විසින් තරුණයෙකුට පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
හබරාදූව කහවැන්නගම, අම්පිටිය ප්රදේශයේ මෙම ඝාතනය සිදුවී තිබේ.
පහරදීමෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි මිහිරිපැන්න, තල්පේ ප්රදේශයේ තරුණයෙකි.
පොලීසිය පැවසුවේ එම පිරිස විසින් අදාළ තරුණයාට අතින් පයින් සහ මුගුරුවලින් පහරදී ඇති බවයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු කහවැන්නගම, තල්පේ ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් වන අතර මේ සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.