විදුලි සැරෙන් තරුණයෙකු මරුට.

කිලිනොච්චිය රාමනාදපුරම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඉරාමනාදපුරම් පොලීසිය සදහන් කර ඇති බව වාර්තා වේ.

ඉරාමනාදපුරම් පිහිටි වට්ටකච්චි ශ්‍රී රංගනාථ පෙරුමාල් කෝවිලේ වේල කරත්තය සකස් කරමින් සිටියදී තරුණයාට විදුලි සැර වැදී තිබේ.

 මෙසේ විදුලි සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් පමණ වන ජගදීශ්වරන් පවිත්‍රන් නැමති තරුණයෙකි .

Exit mobile version