යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙකු මරුට.

වාද්දුව විද්‍යාල මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අද (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවට වාද්දුව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

එම තරුණයා වාද්දුව මධ්‍ය විද්‍යාල ප්‍රදේශයේ සිට වාද්දුව දෙසට යතුරුපැදිය වේගයෙන් ධාවනය කර ඇති අතර එහිදී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක තරුණයා ගමන්කළ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී මීටර් 25ක් පමණ දුරකට ඇදී ගොස් තාප්පයක ගැටී ඇති බව සදහන්.

අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටි තරුණයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවට රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.

අනෙක් යතුරුපැදියේ ගමන්කළ යුවලද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version