දෙගල්දොරුව ඔයට තරුණයෙකු බිලි.

මාවතගම පොලිස් වසමේ දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (09) සවස් කාලයේ දෙගල්දොරුව ඔයේ දියනෑමට ගිය තරුණයින් කිහිපදෙනෙකු අතරින් එක් තරුණයෙකු එලෙස දියේ ගිලී මියගොස් ඇති බවට පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version