කුමාරිට තරුණයෙක් බිලි.

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් එක් අයෙකු අද (13) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර උතුර අරංගල මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජූවන්දරගේ හර්ෂ මධුෂාන් නමැති 36 හැවිරිදි තරුණයෙකි.

දිය නෑ පිරිස අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත් දියේ ගිලුණු පුද්ගලයා ගොඩට ගෙන අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

මේ පිළිබඳව හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version