ජංගම දුරකථනයක් ඔස්සේ කතාකරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් දුම්රියක ගැටී මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (28) රාත්‍රී 07ට පමණ පානදුර සහ පින්වත්ත අතර ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරෙන් තුවාල ලැබූ තරුණිය එම දුම්රියෙන්ම වාද්දූව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ගිලන් රථයකින් පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 22ක් පමණ වන එම තරුණියගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව සදහන්.
දුම්රිය අවස්ථා කිහිපයකදී නලා ශබ්ද කර ඇතත් එම තරුණියට ඇසී නොමැති බව ද වාර්තා වේ.