හොරණ ප්‍රදේශයේ ආපනශාලාවක් වෙත කඩාවැදුණු පිරිසක් එහි ආහාර ගනිමින් සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ 34හැවිරිදි වියේ පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
කෙසේ වෙතත් එම පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හෝටල් සේවකයින් විසින් පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හොරණ පොලීසියේ නිලධාරීන් විසින් පැය 3කට ආසන්න කාලයකදී පැහැරගත් තරුණිය සොයාගෙන ඇති අතර එහිදී පැහැරගැනීම සඳහා පැමිණි පිරිසද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ඒ බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ ලෙනවර උයන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීය.