මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියට පැන තරුණියක් අද (09) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කළ අයෙක් වන අතර පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, වසර 5ක කාලයක් පුරා හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ මෙම තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
ඒ අනුව අද (09) උදෑසන තමාව හමුවීමට පැමිණෙන ලෙස මෙම තරුණිය විසින් අදාළ තරුණයාට දුරකථනයෙන් දැනුම්දී ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එයට උරණ වී මෙලෙස දුම්රියට පැන ඇති බව සඳහන් .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණියකි.
තරුණියගේ සිරුර පෙම්වතා විසින් හඳුනාගෙන ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ .