ඇමෙරිකානු යූ ටියුබර් කෙනෙකුට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ඇමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් මෙන්ම ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයෙකු ද වන අතර ගුවන් යානා හා හිම මත ලිස්සා යාමේ වීඩියෝ පළ කරමින් ඔහු යූ ටියුබ් හරහා ජනප්‍රිය වී තිබේ.
නමුත් මොහුට මෙලෙස මාස 06ක සිර දඬුවමක් හිමිව ඇත්තේ වීඩියෝවක් නිසාම වන අතර 2021 වසරේ තමන් ගමන් කළ සැහැල්ලු ගුවන් යානය කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් ඉන් පැන දිවි බේරාගැනීමේ වීඩියෝවක් ඔහු පළ කර තිබිණ.
කෙසේ වෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී වැරදි තොරතුරු ලබා දීම හා හිතා මතා අනතුර සිදු කළ බවට හැඟී යාම පදනම් කරගනිමින් සිර දඬුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .