මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ A9 ක් සමගින් විශිෂ්ට ප්‍රතිඵලයක් වාර්තා කළ සිසුවෙක්ට ගිනි තැබූ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මහනුවර ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හැදෑරූ සිසුවෙකු වන මොහුගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තැබීම සිදුකර ඇති අතර ඉන් මෙම සිසුවා බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම සිසුවා අම්පිටිය – පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළේය.
මෙම දරුවා සිය විභාග ප්‍රතිඵල පිළිබඳව මිත්තනියට පවසා පියා සමග යළි නිවසට පැමිණෙමින් සිටියදී පිරිසක් විසින් භූමිතෙල් ඉස මෙම ගිනි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි
පොලිසිය සැක පහල කරන්නේ මෙම ක්‍රියාව අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපචාර සඳහා සම්බන්ධ පිරිසක් විසින් සිදුකරන ලද්දක් බවටයි.
කෙසේ නමුත් මේ වන විට මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගගලයින් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.