A9 විශිෂ්ටයාට ගිනි තැබූ නසරානියා මහනුවර පොලිස් දැලට කොටු වේ.

පසුගිය 26 වනදා අම්පිටිය දමිළ විද්‍යාලය ඉදිදිරියේදී වයස අවුරුදු 17ක් වන දරුවෙකුට භූමිතෙල් ඉස ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපට වාර්තා විය.

ඒඅනුව මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පොලිස් විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරු හසු ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර මෙම සැකකරු ඉදිච්චයාගේ පුතා යන අනුවර්ත නාමයකින් හඳුන්වන බූවැල්ලේ ගෙදර මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නමැත්තෙකි.

මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ඉහළතැන්න කුඹුර ප්‍රදේශයේ පදිංචි ලියාපදිංචි අපරාධකරුවෙක් වශයෙන් අපට මේ වන විට තොරතුරු අනාවරණයවී ඇත.

පසුගිය 26 වනදා සිය සහෝදරියකගේ නිවසක ආහාර වේලක් සඳහා පැමිණෙමින් සිටියදී අම්පිටිය මී කණුව දමිළ විද්‍යාලය ඉදිරියපිටදී රාත්‍රී 8.00 – 9.00 අතර කාලය තුළදී මෙම සැකකරු පැමිණ තරුජනය කර භූමිතෙල් ඉස ගිනි තබා තිබුණි.

ගිනි තැබීමෙන් තුවාල ලැබූ දරුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කරන ලද අතර මෙම සැකකරු එදිනම නිවසකට කඩාපැන ගිනි තබන බවට බිය වද්දා රු.10,000ක මුදලක් ද මංකොල්ල කා ඇත

එමෙන්ම පොලිසිය සඳහන් කළේ මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මොහු සතුව තිබී තියුණු පිහියක්, අත්බෝම්බයක් වැනි ආයුධ කිහිපයක් ද සොයාගෙන තිබේ.

මීට ඉහතදී ද මොහු අවස්ථා ගණනාවකදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇති බව ද සඳහන්වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතාගේ සෘජු උපදෙස් සහ අධීක්ෂණය මත තමවත් නිලධාරීන් පිරිසක් එක්ව පරීක්ෂණ සිදුකර ඇති බව අපගේ මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු සඳහන් කරන ලදී.

Exit mobile version