දුම්රිය හරස් මගකදී වෑන් රථයක් අනතුරේ.

අද (30) උදෑසන 11 ට පමණ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ 344 දරණ සීඝ්‍රගාමී දුම්රියේ වෑන් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ .

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ දෙදෙනෙකු ගමන්කර සිට ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙක් නිරුපද්‍රිතව ඉන් පිටතට පැමිණ තිබේ.

නමුත් එක් පුද්ගලයෙක් වෑන් රථයේ සිරවී සිටි බව සදහන් .

මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ .

Exit mobile version