ඊයේ (19) සවස නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත මංසන්ධියේ දී ලොරි රථයක් හා ත්රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට නාරම්පනාව දෙස සිට ඉතා වේගයෙන් ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් ගමන්ගත් ත්රීරෝද රථයේ ගැටී ලොරි රථය මාර්ගයේ පෙරළී ගොස් එම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලබා සිටී 13ක් තෙල්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවූ දෙදෙනකු වැඩිදුර ප්රතිකාර සදහා පේරාදෙණිය රෝහලවෙත මාරුකර යවා ඇති බව සදහන්වේ.