අධිවේගයේ වූ අනතුර.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (01) දහවල් සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සදහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වේ.

කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබ වෛද්‍යවරයා යමින් සිටියදී වීදියගොඩ ප්‍රදේශයේදී මාතර සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

ගැලනිගම පොලිසිය සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ නිරත පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරින් එක්ව තුවාල ලබා සිටි වෛද්‍යවරයාට මූලික ප්‍රතිකාර ලබා දී තිබේ.

අදාල අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර වෛද්‍යවරයාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කර තිබේ.

Exit mobile version