ධවල මන්දිරය අසල අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට.

ධවල මන්දිරය අසල ඇති වාහන පරීක්ෂා කරන මුර කපොල්ලක නවත්වන ලෙස අණ කළ මෝටර් රථයක් එම අණ නොතකා පදික මාරුව හරහා ගමන් කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ද හප්පමින් ඉදිරියට ධාවනය කර ඇති අතර එම අනතුරින් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

කල් ඉකුත් වූ ලියාපදිංචි අංකයක් සහිත අදාළ මෝටර් රථය මුර කපොල්ල අසල නතර කරන ලෙස අණ කළ විට එය නවතා ඇති අතර නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවාත් සමඟම නැවත මෝටර් රථය පණ ගන්වා පදික මාරුව හරහා ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුද අනතුරට ලක් කරමින් ඉදිරියට ධාවනය කර තිබේ. මෙම අනතුරින් එක් අයෙක් මිය ගොස් ඇති බවත් , ගැහැණු දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.

අනතුරින් පසුව අදාළ මෝටර් රථයේ රියදුරා පළාගොස් ඇති අතර සැකකරුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ.

Exit mobile version