මල්වතු නාහිමිගෙන් දේශපාලඥයින්ට චෝදනා .

ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි.

උන්වහස්සේ පෙන්වා දෙන්නේ, සහජීවනයෙන් ජීවත් වූ ජනතාව අතර ජාති, ආගම් ගැටුම් ඇති කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ බලලෝභී දේශපාලඥයින් බවයි.

මෙරට සත්‍ය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ බව සඳහන් කර තිබේ.

“ජාතික සමගිය ඇති වෙන්න නොයෙක් දේවල් කරද්දි මේ දේශපාලනඥයෝ නේ මේවා නැති කරන්නේ. සමගිය නැතිකරන්නේ ඒ අය. ආගමික සමගියක් ඇති කරන්න කියලා කතා කරනවා, කරන්නේ බේද. උත්සාහයක් ගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබෙයිද කියන එකයි මේ වගේ අන්තගාමී අය නිසා. පාලකයන්ගේ උනන්දුවක් තියෙන්න ඕනේ. අද තියෙන්නේ ගස්, ගල්වලට කියනවා වගේ. වැඩක් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කළේ කොයි කාලේ ද? 2012 දී ද කොහෙද? දැන් 2024 ඕවා කියලා වැඩක් නෑ. දේශපාලනඥයෝ හැමදාම මිනිස්සු රවට්ටනවා. ඡන්ද බලාපොරොත්තුවනේ තියන්නේ රට දියුණු කරන බලාපොරොත්තුවක් නෑ.”

Exit mobile version