ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු මොලේ උණ (meningitis)රෝගය වැළඳි මියගිය බව තහවුරු වීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි ) මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ සෞඛ්‍ය නිර්දේශයන් අනුව මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයට ගෙන එන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.
එමෙන්ම අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.