උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයට අදාළ නේවාසික රෝගීන් 08 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
එම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාර කටයුතු සිමා කිරීමට පියවර ගෙන ඇති බවට බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කර තිබේ.
මාතර බන්ධනාගාරයට ගෙනඑනු ලබන නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත මේවන විට තීරණය කර ඇති අතර අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.