අහසයි මුහුදයි එකතු කරන්න ප්‍රංශය සමඟ ගිවිසුමකට.

මෙරට මුහුදු තීරයේ ගමන් ගන්නා නෞකාවලින් සිදුවන තෙල් කාන්දුව නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අදාළව ප්‍රංශ රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

මෙය වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවත් , මෙරට මුහුදු තීරයේ දිනකට නෞකා 300 – 350 ප්‍රමාණයක් ගමන් ගන්නා බවත් , ඉන් ගමනාගමනය ඝනත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version