දේශගුණ විපර්යාසයට හේතුව ආදිවාසි නායකයා කියයි.

පවතින දේශගුණික විපර්යාසයට හේතුව මිනිසාගේ අවිධිමත් ක්‍රියාවන් බවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික මී පැණි පූජාව සදහා පැමිණි ආදිවාසි නායකයා මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ආදිවාසි නායකයා කියා සිටියේ මේ වන විට ලෝකය ගෝලිය වශයෙන් විශාල දියුණුවක් ලබා සිටියත් ඒ සමගම මිනිසා විසින් විශාල පරිසර හානියක් දූෂණයක් සිදු කර ඇති බවයි.

ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කිරීම මේ වන විට අප රටට පමණක් නොව ලෝකයටම බලපා ඇති දේශගුණ විපර්යාසයට ප්‍රධාන හේතුවක් බවද හෙතෙම පෙන්වා දෙන ලදි.

Exit mobile version