ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භ වීමට නියමිත ව ඇති බව වාර්තා වේ.

අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම විවාදය හෙට දිනයේ ද පැවැත්වීමට නියමිත ව තිබේ.

එහි දී අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා විවාදයකින් තොර ව අනුමත කිරීමට නියමිත ව තිබේ.

09 වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වූ අතර, එහි දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමත් සමඟ එහි සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භයෙන් පිට ව ගිය හ.

කෙසේ වෙතත් අද දිනයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදයට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් එක් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසූ බව වාර්තා වේ.

Exit mobile version