ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනීම තවදුරටත් කල් ගත වන තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නවක සිසුන් බඳවා ගැනීමෙන් ගුරු අධ්‍යාපනඥයන් ඉවත්ව සිටීම මෙන් ම විද්‍යාපීඨවල පවතින අඩුපාඩු සපුරාලීමට මෙතෙක් නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
පවතින ආර්ථික අර්බුදය මත පීඨවලට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කළ නොහැකි හෙයින් හදිසි පහසුකම් ලබා දීම සඳහා පමණක් ලෝක බැංකුවෙන් ආධාර ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවට අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.