ඊයේ (11) බොරැල්ල ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 05 යි මි.ලි.ග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකුද , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මි.ලි ග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුද, ගංජා ග්‍රෑම් 03 මි.ලි. 35ක් සමග සැකකරුවන් පස් දෙනෙකුද ගංජා මිශ්‍ර මදන මෝදක 91 ක් සමග සැකකරුවෙකුද, කඩු 02ක් ළග තබා ගත් සැකකරුවන් දෙදෙනෙකුද ,විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්න කිරීම් සදහා සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරෝයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරනු ලබන රුපියල් 26,75,440 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරනු ලබන රුපියල් 2,15,000 ක් ද සොයා ගත් බව සදහන්.
ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය හා යුද හමුදා නිලධාරින් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.