බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුව මේ වන විට යාපනයට උතුරු දිශාවෙන් කිලෝමීටර 520ක දුරින් ස්ථාන ගත වී තිබෙන අතර එය අද (05) ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයට කඩා වැදීමට නියමිත බව වාර්තා වේ .
නමුත් මෙහි බලපෑම නිසා පැවති වැසි තත්ත්වය ලබන 7 වනදායින් පසු අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ .