AG ඔෆිස් එකේ සේවය හැරගොස් නීතිවිරෝදීව බොරළු ජාවාරමේ යෙදිලා.

භූ විද්‍යා, පතලක් හා කැනීම් කාර්යාංශය, කුලියාපිටිය පොලිසියෙද සහාය ඇතිව නීතිවිරෝදී අන්දමින් කරගෙන ගිය බොරළු කැපීමේ ජාවාරමක් වටලා තිබේ.

කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ එලුවාපොල ප්‍රදේශයේ ගොඩකැලේවත්ත නැමති ඉඩමේ නීති විරෝධී අන්දමින් ඉඩමේ ගස්කොලන් වලට හානි පමුනවමින් මෙම කටයුතු කරගෙන ගොස් තිබේ.

මෙම වැටලීමේදී පස් පටවමින් තිබු ස්කැවේටර් යන්ත්‍රයක් එහි ක්‍රීයාකරුද සමග හා පස් ප්‍රවාහනයට සූදානමින් පස් පටවමින් සිටී ටිපර් රථයක් එහි රියදුරුද සමග අත් අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සදහා කුලියාපිටිය පොලිස් ස්තානය වෙත භාරදෙන ලදි. මෙම ජාවාරම සිදුකරන පුද්ගලයා කුලියාපිටිය ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ සේවය කර සේවයෙන් ඉවත්වූ බවද අනාවරණය වේ.

Exit mobile version