ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස් ජනතා සභාව විරුද්ධව අද (27) ඡන්දය ප්‍රකාශ කරන බව ඊයේ (26) පාර්ලිමේන්තුවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව සම්බන්ධ විවාදයේ දී ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම එම ණය මුදල භාවිතා කරන ආකාරය ගැන හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන උනන්දුව ගැන සෑහීමකට පත් නොවන බව ජී. එල්.පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා ,
“ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අදහාගත නොහැකි දෙයක්.අරමුදල මේ ඩොලර් අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව වගකීමක් ඒ අයට බාර වෙනවා. ඒක ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. “