අපරාධ මඩින්න කොරියාව සමග ගිවිසුමක්.

සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

එමගින් රාජ්‍යයන් දෙකෙහිම අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම ,පැමිණිලි ගොනු කිරීම සහ අපරාධ මැඩ පැවැත්වීමේ සපලතාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ලබන බවට රජය පවසයි.

එම ගිවිසුම දෙපාර්ශවයන් අතර අත්සන් කිරීමටත් ඉන් අනතුරුව දෙරටේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල මගින් අනුමත කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version