කෘෂි නිලධාරින්ට විදේශගත වීම තහනම්.

කෘෂිකර්ම අංශයේ සියලු නිලධාරින්ගේ දීර්ඝකාලීන විදෙස්ගත වීම්වලට අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළ බවට වාර්තා වේ.

සියලුම කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරින් මෙම තීරණයට යටත්වන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක පුරප්පාඩු රැසක් මේ වන විට උද්ගතව ඇති බැවින් අත්දැකීම් බහුල නිලධාරින් දීර්ඝකාලිනව විදේශ ගත වුවහොත් රටේ කෘෂිකර්ම අංශය කඩාවැටීමකට ලක්වන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version