නීතිවිරෝධී වත්කම් ඉපයීම් සම්බන්ධව යතුරුපැදියක් සහ ලොරි රථයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ලද පැමිණිල්ලක් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අදාළ වැටලීම සිදුකර ඇති බවයි.
ඒ අනුව ඊයේ (21) අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් ලබාගත් යතුරුපැදියක් සහ ලොරි රථයක් සැකකාරිය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාව අවුරුදු 39ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.