ගෙවුණු පැය 24 ක කාලය තුළ මෙරට වායු තත්ත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය සටහන් වුණේ 127ක් ලෙසය.
මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවට එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මීට අමතරව වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද පුත්තලම නගරයේ 88 ක්ද කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86 වශයෙන්ද සටහන් වේ.
රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.