වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්රමාණය අද (16) යළි ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
මේ අනුව කොළඹ ,ගම්පහ සහ බත්තරමුල්ල යන ප්රදේශවල වායු තත්ත්වය සංවේදී පුද්ගලයන්ගේ ශරීරයට අහිතකර මට්ටමක පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ.