ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය අඩුවෙයි.

මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බවට මධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසූ බව වාර්තා වේ.

කොළඹ, ගාල්ල සහ යාපනය යන ප්‍රධාන නගරවල සහ මන්නාරම ප්‍රදේශයේ ද වායු ගුණාත්මක දර්ශකය අගය පහළ යමින් තිබෙන බව ද එම නිලධාරියා පවසා තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් එම ප්‍රදේශවල ජීවත්වන පෙනහළු ආශ්‍රීත රෝගවලින් පසුවන පුද්ගලයන් පරිසරයට නිරාවරණය වන අවස්ථාවලදී මුව ආවරණ පැළදීම වඩාත් යෝග්‍ය බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version