ඊයේ (07) චීන වරායේදී ගුවන් නියමුවකු සහ නිලධාරියකු මියයෑමට හේතු වූ පුහුණු ගුවන් යානයක් කඩාවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විශේෂ කමිටු වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියලුම PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව නවත්වා ඇති බව වාර්තා වේ .
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 පුහුණු ගුවන් යානයක් ඊයේ (07) උදෑසන ගුවන්ගත වී මිනිත්තු කිහිපයකට පසු චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය තුළදී කඩා වැටුණු අතර මෙම අනතුරින් යානයේ සිටි නියමුවා සහ නිලධාරියා යන දෙදෙනාම ජීවිතක්ෂයට පත් විය.
අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ අතර ගුවන්, තාක්ෂණික සහ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලය විසින් අතුරු වාර්තාවක් ගුවන් හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .