ඉරණමඩු වාන් දොරටු 14ම විවෘත කරලා.

කිලිනොච්චිය,ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද(15)  අලුයම විවෘත කළ  බවට උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පැවසූ බව වාර්තා වේ.

අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අගල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කළ බවත් පවසා තිබේ.

දින ගණනාවක සිට අ‍ැදහැලෙන අධික වැසි නිසා මෙම පියවර ගෙන ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද  මතුව ඇතැයි ඔහු පවසා තිබේ.

Exit mobile version