අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ලබන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.
සාමූහික ගිවිසුම්වලින් ඉවත් වී මූල්‍ය පාලනය පිළිබඳ අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවද මේ සදහා ආසියානු සංවර්ධන බැංකුව,ලෝක බැංකුව ඇතුළු ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැක්විය හැකි සහය පිළිබඳ දක්වා ඇති අතර විශේෂයෙන්ම මූල්‍ය විගණනය,මානව සම්පත් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහාය ලබා ගැනීමට දැනටමත් එකගතාවයක් ඇති කරගෙන තිබෙන බවට වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදී මෙම කරුණු සියල්ල අනාවරණය විය.