මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අගහරුවාදා වසා තැබෙන බව වාර්තා වේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (07) පැවැත්වූ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස්වීමේදී පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.