ගොවි වන්දි ලබා නොදුන්නැයි චෝදනා.

ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වූ ගොවිතැන් සඳහා වන්දි ලබා දීම ආණ්ඩුව ක්‍රමානුකූලව මඟහරිමින් සිටින බවත් , ගොවීන්ට වන්දි ලබා දීමට කඩිනමින් පියවර ගත යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයට පොහොර ගෙන ඒම සඳහා රජය අවසර දීම මඟින් ඉදිරියේ දී පොහොර මිල ශීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බවයි.

Exit mobile version