ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ශේප කර තිබෙන බව වාර්තා වේ .
විදසේ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවකට පක්ෂව තවත් සාමාජිකයින් 13 දෙනෙකු ඡන්දය ලබා දුන් බවත් , බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් ය.
මාස දෙකක දීර්ඝ යුද්ධයෙන් ගෝලීය තර්ජනයක් පිළිබඳ 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයට විධිමත් ලෙස අනතුරු ඇඟවීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් මෙම ඡන්ද විමසීම සිදු කර තිබූ අතර ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, පුද්ගලයන් 17,480කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.
හමාස් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200ක් මිය ගිය ගොස් තවත් පුද්ගලයන් 240ක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ද ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.