ගොවීන්ට පතොරොම් තුවක්කු.

ජාතික ගොවිජන බලමණ්ඩලය සමඟ අද (15) පැවති සාකච්ඡාවක දී ගොවිජන නියෝජිතයන් සිදු කළ ඉල්ලීමකට අනුව වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිත බව ද සඳහන්.

Exit mobile version